ඔයාලා හෝටල්වල උත්සවවලට සහභාගී වෙනවානම් එහෙමත් නැත්නම් සමාජ මාධ්‍යවල සැරිසරනවා නම්; ඔයාලත් දැකලා ඇති බෝතල් කිහිපයක් එකවර උඩ දාලා අල්ලන, කැටයම් කරලා shakers හොලවන, බොහොම පුදුමාකාර විධියට ඩ්‍රින්ක්ස් හදන බාටෙන්ඩර්ස්ලා. අන්න එයාලාට අපි කියන්නේ Flair Bartenders කියලා. එයාලා පොඩ්ඩක් special තමයි ඉතින්.
ෆ්ලෙයාරින් කියන්නේ බාටෙන්ඩින්වල ම කොටසක් වුණාට හැම බාටෙන්ඩර් කෙනෙක්ම ෆ්ලෙයාරින් කරන්නේ නෑ. ඒකත් නිකන් හැම driver කෙනෙක්ම racing කරන්නේ නැහැ වගේ තමයි.
19 වැනි සියවසේදී උතුරන වතුරයි ගිනිගත් විස්කියි එකතු කරලා Jerry ‘The Professor’ Thomas කියන බාටෙන්ඩර් Blue Blazer ඩ්‍රින්ක් එක හදපු අවස්ථාව තමයි, පළමු වතාවට flairing කිරීමක් ලෙස වාර්තා වෙන්නේ. ඒ වුණාට ෆ්ලෙයාර් බාටෙන්ඩින් කලාවේ පියා ලෙස පිළිගන්නේ නම් 1980 දශකයේ ලොස් ඇන්ජලීස් නගරයේ T.G.I Fridays ආයතනයේ සේවය කරපු John Bandy තමයි. තමන්ගේ කම්මැලිකම මැකෙන්නත් එක්ක නැප්කින් එකේ ඉඳලා කොක්ටේල් ටින් එක වෙනකම් හැමදෙයක්ම බාර් එක පිටිපස්සේ උඩදදා අල්ලන්න පුරුදුවුණ බැන්ඩි, කස්ටමර්ස්ලා වශීකරන අලුත්ම කලාවක් ක්‍ෂේත්‍රයට හඳුන්වලා දුන්නා.
වාසනාවකට වගේ, 80 දශකයේ අගබාගයේ ප්‍රදර්ශනය වුණු ටොම් කෲස් රඟපාන කොක්ටේල් චිත්‍රපටය, flairing කලාව ලෝකයටම අරන් යන්න සමත් වුණා. ජෝන් බැන්ඩිගෙන් පුහුණුව ලබාගත්තු නළුවෝ ඒ චිත්‍රපටයේ වැඩ්ඩෝ වගේ ෆ්ලෙයාරින් කරනවා දැකපු ලෝකේ වටේම බාටෙන්ඩර්ස්ලා, තමතමන්ගේ ආයතනවලත් ඒ දේ කරලා පෙන්නන්න පටන්ගත්තා කියලා තමයි කියන්නේ.
ෆ්ලෙයාර් බාටෙන්ඩින් මූලිකවම Working Flair සහ Exhibition Flair කියලා බෙදෙනවා. Working Flair කියන්නේ බාර් එකක වැඩකරන ගමන් බාටෙන්ඩර්ස්ලා දාන ෆ්ලෙයාරින් වැඩකෑලිවලට. Customer ඉල්ලන ඩ්‍රින්ක් එක පොඩි ශෝ එකක් දාලා හදලා දෙනකොට එයාලත් සන්තෝස වෙනවා විතරක් නෙවෙයි, ඒ බාටෙන්ඩර් වගේම බාර් එකත් ප්‍රසිද්ධ වෙනවා. එතකොට Exhibition Flair කියන්නේ තරග අවස්තාවක එහෙම නැත්නම් සංදර්ශනයක කරන flairing. මේවා නම් ඉතින් උපරිම අවදානමක් අරන් දන්නකියන වැඩකිඩ ඔක්කොම දාලා කරන කලාවක්. Bartender කෙනෙක්ට ක්ෂේත්‍රයේ ඉහළින්ම කීර්තිනාමයක් හදාගන්න නම්, Champion Flair Bartender කෙනෙක් වෙනවා තරම් තවදෙයක් නැති තරම්.
ඉතින් ඔයාට ඕනේ බාර් එකේ කස්ටමර් සතුටුකරන්න වුණත් චැම්පියන් කෙනෙක් වෙන්න වුණත්, ෆ්ලෙයාරින් ප්‍රගුණකරන එකෙන් ඔයාගේ විනය, කාර්යක්ෂමතාව වගේම කාර්යයට දක්වන අවධානය වැඩිවෙනවා. ඒ විතරක් ද, ඔයා බාටෙන්ඩර්ස්ලා අතර විශේෂඥයෙක් වෙන එක නම් සහතිකයි.
ආයේ දෙකක් නැහැ, ශ්‍රී ලංකාවේ ෆ්ලෙයාර් බාටෙන්ඩින් ඉගෙනගන්න එකම තැන ලංකාවේ #1 බාර්-බැරිස්ටා පාසල CBBS තමයි. ඔයත් CBBS එකේ Basic Certificate for Bartender කෝස් එකට එකතුවුණාම නොමිලේම expert flairing training එකකුත් දෙනවා. වැඩි විස්තර දැනගන්න අදම කතාකරන්න අපිට https://barbaristaschool.com/locations/.
——————————————-
Colombo Bartender & Barista School
#bartender#cocktails#mixology#drinks#cocktail#drink#mixologist#LearnBartending#BartendingTraining#LearnBartedingColombo#FlairBartenders#WorkAbroad#StudyAbroad#ColomboBartenderBaristaSchool

Leave a Reply