Capuccino? Flat White? කාටද කියන්න පුළුවන් ?

Capuccino? Flat White? කාටද කියන්න පුළුවන් ?

කොෆී එකක් දැකපු ගමන්ම ඒකේ නම කියන්න පුළුවන් ද? හරියට ම පුහුණු වුණ බැරිස්ටා කෙනෙක්ට වගේම, කෝපි ජීවිතය කරගත්තු කොෆී ෆෑන්ස්ලාටත් පුළුවන් ප්‍රසිද්ධ recipes වලට හදපු ඩ්‍රින්ක්ස් පෙනුමෙන්ම අඳුරගන්න. ඒ වුණාට ඒවායේත් වෙනස්කම් නැතිවාම නොවේ. සමහර Coffee chains තමන්ගේ signature recipes පාවිච්චි කරනවා, ඒ වගේම innovative බැරිස්ටාවරු අලුත් ඩ්‍රින්ක්ස් හදන්නත් උත්සුක වෙනවා.

අද අපි, බැලූබැල්මට එක වගේ පෙනෙන Coffee ඩ්‍රින්ක්ස් කීපයක් සංසන්දනය කරලා බලමු.

Long Black Vs Americano

ඉතාලියෙන් හදපු එස්ප්‍රෙසෝ එක සැර වැඩි නිසා ඇමෙරිකානුවෝ වතුර එකතුකරලා හොයාගත්ත බීම එකනේ ඇමෙරිකානෝ කියන්නේ. ඒ වගේම තව ඩ්‍රින්ක් එකක් තමයි ලෝං බ්ලැක් කියන්නේ. සමහර වෙලාවට බැරිස්ටා ශිෂ්‍යයෝ හොඳට රෙසිපි පුරුදු වුණාද දැනගන්න අහන ප්‍රශ්නයක් තමයි Long Black එකයි Americano එකයි අතර වෙනස මොනවාද කියලා.

Long Black කියන්නේ ඕස්ට්‍රේලියාවෙන් හැදුණු බීම එකක්. සරලවම කිව්වොත්, උණු වතුරට එස්ප්‍රෙසෝ double-shot එකක් වත්කරලා තමයි මේක හදාගන්නේ. කලින් කිව්වා වගේ Americano හදන්නේ එස්ප්‍රෙසෝ shot එකකට උණු වතුර දාලා. ඉතින් සිද්ධිය දන්න කෙනෙක්ට ඇරෙන්න වෙන අයට ලෙහෙසියෙන් බීම දෙකේ වෙනස කියන්න අමාරුයි. බීලා බලද්දී නම් තේරෙනවා Long Black එක Americano එකට වඩා සාන්ද්‍රණය වැඩි strong coffee එකක් කියලා.

Cappucino Vs Flat White

සමහර අය කියන්නේ Flat White හැදෙන්නේ වැරදියට හදපු Capuccino එකක් නිසා කියලා. ෆ්ලැට් වයිට් එකේ සම්භවය ගැටලුකාරී වුණාට දැන් නම් මේ දෙකේ recipes වෙන්කරවලා පෙන්වන්න පුළුවන්. එහෙම වුණත් – විශේෂයෙන්ම Latte ආර්ට් එකකුත් දැම්මම – ගොඩක් අයට මේ බීම දෙක පැටලෙනවා.

Capuccino, කොෆී ලෝකයේ ප්‍රසිද්ධම බීමක්. එක හැදෙන්නේ 1:1:1 අනුපාතයකට එස්ප්රෙසෝ, උණු කිරි සහ කිරි පෙණ (micro foam) එකතු කරලා. ඒ වගේම ඒක දන්න කෙනෙක්ට ලේසියෙන්ම අඳුනගන්න පුළුවන් වාටියට උඩින් ලස්සනට පෙනෙන පෙණ තට්ටුව නිසා.

Flat White එකක් හැදෙන්නේ එස්ප්රෙසෝ වලට උණු කිරි අනුපාතය 1:3 ක් වගේ එකතු කරලා උඩින්ම තීනි කිරි පෙණ තට්ටුවක් දැම්මම තමයි. ඉතින් පෙණ ගතිය ගොඩක් අඩු, කෝපි සාන්ද්‍රණය අඩු බීම එකක් තමයි ඒක. ඒ වුණත් සමහර ආධුනික බැරිස්ටාවරු පවා මේ දෙක පටලවා ගන්නවා.

Irish Coffee Vs Baileys Coffee

කොෆී ලෝකෙ ඉන්නවා මධුවිත එක්කම කෝපි පානය කරන්න කැමති අය. ඇයි සමහර ගෙවල්වලත් අයිස් කොෆී එකට Brandy බින්දු කිහිපයක් එකතුකරනවා රස වැඩිකරන්න. ඉතින් ඒ වගේ Alcoholic Coffee බීම අතරින් මිනිස්සු වෙන්කරලා හඳුනගන්න මහන්සි වෙන බීම ජාති දෙකක් තමයි Irish Coffee සහ Baileys Coffee කියන ඩ්‍රින්ක් දෙක.

මේ අතරින් අපේ රටේ වැඩිපුර ප්‍රසිද්ධ Irish Coffee තමයි. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය වඩාත් ලේසියෙන් හමුවීම එහෙම වෙන්න ප්‍රධාන හේතුවක්. අයර්ලන්ත විස්කි සහ එස්ප්රෙසෝ මුසුවකින් පටන්ගත්තත් දැන් නම් ගොඩක් අය Irish Coffee හදන්න හොඳ වර්ගයේ ඕනෑම විස්කි එකක් භාවිතා කරනවා. ඒ වගේම තමයි, බොහෝ දුරට Heavy Cream topping එකකුත් එකතු වෙනවා. Irish Coffee glass එකක පිළිගන්වන මේ බීම ලෝකේ ඕනෑම හොඳ බාර් එකක වගේම කොෆී ෂොප් එකක අනිවාර්යයෙන් තියෙනවා.

පිළිගන්වන විධිය හී පෙනුම නිසා Irish Coffee වගේම දිස්වන බීම එකක් තමයි Baileys Coffee. ඒ වුණාට මේවායේ ingredients නම් වෙනස්. ඒ වගේම Baileys Coffee හදන බාර් වගේම කොෆී ෂොප් සීමිතයි. මොකද Baileys Coffee හදන්න අත්‍යාවශය අමුද්‍රව්‍යය තමයි Baileys Irish Cream Original කියන liqueur එක. ඒ Baileys Cream කෝපි වලට එකතු කරලා Whipping Cream, Chocolate වගේ toppings එකතු කරනවා.

පැණි රස වැඩි බීමක් වෙන Baileys Coffee බොහෝවිට පිළිගන්වන්නේ Irish Coffee glass එකක Irish Coffee වගේම පෙනුමින් නිසා, මේ දෙකම එකම බීමක් කියලා බලන කෙනෙක් හිතන එකත් සාධාරණයි ද මන්දා? ඔයාලා මොනවාද හිතන්නේ, කමෙන්ට් කරගෙන යමු.

—————————————-

Colombo Bartender & Barista School

#CBBS#BarBaristaSchool#Barista#ColomboBarista#Coffee#Latte#CoffeeSriLanka#ColomboCoffee#LearnBarista#BaristaTraining#LearnBaristaInColombo#WorkAbroad#StudyAbroad#TVECApproved#SCAMember#CPDMember#GloballyValid#CareerGoals

Leave a Reply

Your email address will not be published.