විශේෂිත කෝපි (specialty coffee) ගැන කතාකරනකොට බලන වැදගත්ම කාරණාවක් තමයි රස, සුවඳ වගේ කෝපි බොන කෙනාට දැනෙන දේවල්. අපි හදන හැම කෝපි කොප්පයකම, පාවිච්චි කරන අලුත් කෝපි ඇටයකින්ම, රෝස්ටින් කරන එක එක මට්ටමකම බොන කෙනාට තියෙන මේ ඓන්ද්‍රීය සංවේදනය (sensory perception) ගොඩක් වැදගත්. හොඳ බැරිස්ටා කෙනෙක් වෙන්න නම් මේ දේ ප්‍රගුණ කරන්නම ඕන.
ඒ sensory perception මට්ටම තක්සේරු කරන්න පාවිච්චි කරන සම්මත ක්‍රමයක් තමයි coffee cupping (කොෆී කපින්) කියලා හඳුන්වන්නේ.
කපින් කියන එකෙන් අදහස් වෙන්නේ එකම කෝපි ඇට සාම්පලයකින් කෝපි ඇට අරගෙන වෙන වෙනම අඹරලා හදාගත්ත කෝපි කෝප්ප (cup) කිහිපයක් ඓන්ද්‍රීය සංවේදනයට ලක්කරන එක තමයි. මෙහෙම එක් එක් කෝප්පය වෙන වෙනම පෙරලා ගන්න කෝපි වලින් කරන මේ ගුණාංග තක්සේරුව තමයි ක්ෂේත්රයේ පුළුල්ව පිළිගත් ක්‍රමය වෙලා තියෙන්නේ.
මේ කපින් ක්‍රමයෙන් අමු කෝපි ඇට වල ගුණාංග තක්සේරු කරන්න ඒ ඇට රෝස්ට් කරලා, අඹරලා, අන්තිමට කෝපි කොප්පයකුත් හදන නිසා, මේ හැම පියවරකදීම ඒ කෝපි වල ගුණාත්මකකම තීරණය කරන්නත් හැකියාව ලැබෙනවා.
කපින් ප්‍රගුණ කරපු බැරිස්ටාවරු සලකා බලන ප්‍රධාන දේවල් කිහිපයක් තියෙනවා:
කෝප්පයෙන් එන සුවඳ, ආඝ්‍රාණය කරන කොට දැනෙන පුසුඹ, මුල් රස, කටේ ඉතුරුවෙන කෝපි වලින් එන රස, කෝපි වල ආම්ලිකතාව, පැණි රස, ඒ කෝපි බිව්වාම කට ඇතුලේ දැනෙන විදිය (mouthfeel), කෝප්පයේ සමස්ථ රස වගේම හදපු විවිධ කෝප්ප අතර තියෙන ඒකාකාරී බව (uniformity) කියන දේවල් තමයි කපින් කරද්දී බලන්නේ. ඊට අමතරව, හොඳ කෝපි කෝප්පයක තියෙන්න බැරි යම් දෝෂ තියේනම් ඒවත් හඳුනාගන්න පුළුවන්.
මේ ඉතින් අපි ලිව්වේ කපින් ගැන මූලිකම දේවල් ටික. වැඩේ හරියටම ඉගෙනගන්න හැබැයි, කරලාම බලන්න ඕනේ. එහෙම කැමැත්තක් තියෙන අයට නම්, ලංකාවේ #1 බාර්-බැරිස්ටා පාසලට එන්න විතරයි තියෙන්නේ.
වැඩි විස්තර සඳහා 𝟎𝟕𝟕 𝟕𝟏𝟖 𝟐𝟔𝟖𝟕 අමතන්න.
ස්ථානය: 𝟓𝟕/𝟖, ඩික්මන් පාර, කොළඹ 𝟎𝟓
CBBS #CoffeeRoasting #SriLankaCoffee #sca #PerfectRoast #CoffeeCrafting

Leave a Reply