බැරිස්ටාර් කෙනෙක් වෙන්න COFFEE PROCESSING අනිවාර්ය දැනුම මෙන්න

බැරිස්ටාර් කෙනෙක් වෙන්න COFFEE PROCESSING අනිවාර්ය දැනුම මෙන්න

හොඳට ඉදුණු රතු පාට කෝපි ගෙඩි නිකන් චෙරී පළතුරු වගෙයි බලද්දී. හැබැයි කෝපි බොන අපිට පොත්තෙන් වැඩක් නෑනේ. අපිට ඕන ඇතුලේ තියෙන කෝපි ඇට. ඉතින් ඒ coffee cherry එකෙන් රෝස්ටින් වලට සුදුසු coffee beans හදාගන්න ක්‍රියාවලියට තමයි coffee processing කියලා කියන්නේ.

මේ ක්‍රියාවලිය තේරුම් ගන්න කලින්, අපි දැනගෙන ඉන්න ඕනේ කෝපිවල මතුපිට පොත්තට යටින් මදය (pulp), සෙවල ගතියක් තියෙන mucilage තට්ටුව, රළු කඩදාසි වගේ parchment ස්ථරය වගේම ඇටය වටකරගෙන තියෙන දුහුල් silver skin සිවිය ඇතුළු ස්ථර කීපයක්ම තියෙනවා කියන එක. ඉතින් රෝස්ටින්වලට සුදුසු කෝපි සකසගන්න මේ හැම තට්ටුවක්ම එක් එක් මට්ටමෙන් අයින් කරගෙන.

ඒ විදිහට කෝපි සකස් කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ අතරින් Natural Process නැත්නම් Dry Method (ස්වභාවික වියලි ක්‍රියාවලිය)
Wet method නැත්නම් Washed Process (තෙත සේදුම් ක්‍රියාවලිය), සහ Semi-Washed or Honey Process (මඳ සේදුම් ක්‍රියාවලිය) කියන ක්‍රියාවලීන් තමයි වැඩියෙන්ම භාවිතා වෙන්නේ.

Dry Method එක තමයි පැරණිම ක්‍රමය, ඒ වගේම දැනටත් වැඩියෙන්ම පාවිච්චි වෙන ක්‍රමය. මෙතනදී කරන්නේ ගහෙන් කඩාගන්න ඉදුණු කෝපි ගෙඩි, පිරිසිදු තැනක අතුරලා අව්වේ වේලෙන්න අරින එක, වී වේලනවා වගේ තමයි ටිකක්. ගෙඩි නරක නොවෙන්න ඒවා දවසට කිහිප වතාවක්ම රේක්කයකින් ඇදලා ප්‍රලනවා, තව රෑටයි, වහින වෙලාවටයි වහලා තියනවා. සති කිහිපයක්ම මෙහෙම වේලලා, ගෙඩියේ තෙතමනය 11% වගේ අඩු වුණාම වේලුනු කෝපි ගෙඩියේ පොත්ත, සිවිය කියන ස්ථර ඔක්කොම අයින් කරලා, එයින් කෝපි ඇටය වෙන්කර ගන්නවා.

Wet Method ක්‍රියාවලියේදී වෙන්නේ කෝපි ගෙඩි තලලා මදය මුලින්ම ඉවත් කරන එක. ඊට පස්සේ වෙන්නේ කෝපි ඇට බර, විශාලත්වය වගේ දේවල් අනුව කෝපි ඇට වෙන්කරගන්න එක. එහෙම වෙන්කරන කෝපි විශාල වතුර ටැංකිවල පැය 12 – 48ක් වෙනතුරුම පල්වෙන්න දෙනවා සෙවල තට්ටුව නැති කරන්න. අන්තිමටම ඒ ටැංකියෙන් ගන්න කෝපි ඇට කලින් ක්‍රමයට වගේම අව්වේ එහෙම නැත්නම් විශේෂිත මැෂින්වලින් වේලනවා, තෙතමනය 12%ට බහිනකම්ම.

Semi-Washed එහෙම නැත්නම් Honey Process එක ටිකක් වෙනස්. එතනදී කෝපි ගෙඩි තලලා මදේ අයින්කරගත්තට, සෙවල ගතියක් තියෙන mucilage තට්ටුවත් එක්කම වේලෙන්න දෙනවා. එතකොට වෙන්නේ ඒ mucilage අව්වට කරවෙලා, පොඩි පැණි රහක් දෙන එක වේලුණු කෝපි ඇටයට. මෙහෙම සකස් කරගන්න කෝපි ඇටවල ඒ සිවිය ඉවත් කිරීමක් වෙන්නේ නම් නෑ.

මම ඉතින් බොහොම සරලවම තමයි විස්තර කරේ මේ කෝපි සකස් කරගන්න විදිය. ඒ වුණාට CBBS එකේ බැරිස්ටා වගේම රෝස්ටින් පාඨමාලාව උගන්වන දේශකයෝ මේවා අටුවා ටීකා ඇතුව, වීඩියෝ එහෙම පෙන්නලාම කියා දෙනවා. ඉතින් ඔයගොල්ලොත් මේක රසවින්දා නම්, අනිවාර්යයෙන්ම එන්න අපේ කෝපි පන්තිවලට.

📞 වැඩි විස්තර සඳහා 𝟎𝟕𝟕 𝟕𝟏𝟖 𝟐𝟔𝟖𝟕 අමතන්න.

📍 ස්ථානය: 𝟓𝟕/𝟖, ඩික්මන් පාර, කොළඹ 𝟎𝟓

Colombo Bartender & Barista School

CBBS #CoffeeRoasting #SriLankaCoffee #sca #PerfectRoast #CoffeeCrafting

Leave a Reply

Your email address will not be published.