බාටෙන්ඩර් කෙනෙක්ට තියෙන්නේ ලේසි ජොබ් එකක් නේ? ඩ්‍රින්ක්ස් ටිකක් මික්ස් කරන්න ඉගෙන ගත්තා, කොක්ටේල් රෙසිපි ටිකක් පාඩම් කළා, කස්ටමර් ට බීම එක දුන්නා, එහෙම නේද? ඔයා ඔය ප්‍රශ්නයට ඔව් කියලා කියන්න හිතුවොත් නම්, ඔයාට බාටෙන්ඩින් ලෝකයේ ඉහළටම යන එක නම් පොඩ්ඩක් පරක්කු වෙයි. බේසික් ස්කිල්ස් වලින් එහාට, ඔයාට අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවා ඉගෙනගන්න.
බාර් කළමනාකරණය මෙතැනින් ඉහළම තැනක් ගන්නවා. බාර් එකට ඕනකරන උපකරණ, ජනප්‍රිය බීම වර්ග ඇණවුම් කරන එකේ ඉඳලා inventory පාලනය, මෙනු නිර්මාණය වගේම මධ්‍යසාර සම්බන්ධ රටේ නීතිරීති ගැන හොඳ දැනුමකුත් තිබීම ගොඩක්ම වැදගත්. ඔයා මේ දේවල් ගැන හසල දැනුමක් හදාගත්තාම, seasonal වැඩවලට විතරක්, එහෙම නැත්නම් බාටෙන්ඩින්වලට විතරක් ඔයාව හොයපු අය, Bar Manager කෙනෙක් හැටියට ඔයාව උස්සලා තියයි.
නවීන ලෝකයේ නැතුවම බැරි, service industry එකේ මූලික අංගයක් තමයි පාරිභෝකයින් තෘප්තිමත් කිරීම. mixology ඉගෙනගන්න දරන මහන්සිය මෙතැනටත් යොදවන්නම ඕනේ. මුහුණ පුළුටු කරගෙන සරපරුෂ විදියට ඉන්න කෙනෙක්ට කවුරුවත් කැමති නැහැ නේ. මේ ඩිජිටල් යුගයේ අපි දකින දෙයක් තමයි Google, Yelp වගේ review platforms වල, තමන්ගේ අත්දැකීම සම්පූර්ණයෙන් විස්තර කරලා rating දෙන එක. හොඳ රේටින් තියෙන Barmenලා හොඳට ටිප්ස් ලබාගන්නවා විතරක් නෙමෙයි, ඉක්මණින්ම නායකත්ව තනතුරුවලට පත්වෙනවා. හැබැයි කස්ටමර් කෙනෙක්ට බනින, අවිනීත විධියට හැසිරෙන කෙනෙක්ගේ Live එකක් එහෙම සෝෂල් මීඩියා යනවා කියන්නේ ආයේ ජොබ් එකක් සෙට්කරගන්න වෙන්නේ නැහැ කියන එක තමයි.
තවත් එක වැදගත්ම දෙයක් තමයි beverage දැනුම වැඩි වැඩියෙන් ලබාගන්න එක. ඉක්මණින් වෙනස් වෙන ට්‍රෙන්ඩ්ස් තියෙන hospitality ඉන්ඩස්ට්‍රී එකේ ඉහළටම යන්න පුළුවන් වෙන්නේ, අලුත් දැනුම හොයාගෙන යන කෙනෙක්ට විතරයි. පුංචිම brewery එකක specialty බියර් එකක ඉඳලා ප්‍රසිද්ධම vintage scotch ගැන update වෙන, අලුත් ජාතියේ syrups වෙනස් වර්ගවල liqueur ගැන හොඳ අදහසක් තියෙන, tea & coffee ගැන පවා දන්න කෙනෙක්ට, barman කියන තැනෙන් එහාට ගිහින් Beverage Manager කෙනෙක් වෙන්න වගේම high paid professional කෙනෙක් වෙන අවස්ථාවත් විවෘත වෙනවා.
ඉතින් මේ වගේ career growth ගැන ඔයාලගෙත් අදහස් තියේ නම්, කට්ටිය එක්ක බෙදාගෙනම යන්න.

Leave a Reply