කෝපි කෝප්පයකින් උපරිම රසයක් සහ සුවඳක් ලබාගැනීමට නම් හොඳම කෝපි කුඩු තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔබ දන්නවාද? මෑතකදී CBBS සිදුකළ විද්‍යාත්මක පර්යේෂණයකට අනුව, ඔබ කෝපි සෑදීමට භාවිතා කරන ජලයේ රසායනික සංයුතිය ඔබේ කෝපි කෝප්පයේ රසය කෙරෙහි සෘජුවම බලපායි. ශ්‍රී ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල ජලය කෝපි රසයට බලපාන ආකාරය පිළිබඳව Balasooriya et al. (2021) සහ Shamsudduha...