ඔයාලට මතකද කල්දි ගේ කතාව? අමුතු රතු පාට බෙරී ජාතියක් කාලා වෙනස් විදියට හැසිරුණ එළුවෝ දැකලා ඒ ගැන හොයලා බැලුවේ? අන්න එයා ඔය ඇට ගමේ පූජකයන්ට දීපු වෙලාවේ එයාලා ඒක ගින්නට විසිකළාට, රත් වුන ඇට වලින් නියම සුවඳක් ආවාම තමයි එයාලා ඒක ගාණකට ගත්තේ…
Coffee expertsලා කියන විදියට, කොෆී රෝස්ට් කරන්නේ ගුණාංග (characteristics) වර්ධනය කරන්න. මොකද අමු කෝපි ඇටයේ ඇතුලේ හිරවෙලා තියෙන ගුණාත්මකතාවය හරියටම පිට කරලා, අපි කැමතිම රස, සුවඳ වගේම ස්වභාවයත් අරගන්න, කෝපි ඇට නිසි පදමට රෝස්ට් කරගන්න වෙනවා.
තමන් කැමති ඇරබිකා ද රොබස්ටා ද එහෙම නැත්නම් ලයිබීරිකා වගේ විශේෂිත කෝපි ද කියන එක වැදගත් නැහැ. මේ හැම කෝපි ඇට ජාතියක්ම කොළ පාටින් තියෙන අවධියේ බොහොම දෘඩ ස්වභාවයකින් අමු තණකොළ සුවඳක් එක්ක තමයි තියෙන්නේ. ඒ වුණාට අමු කෝපි සාමාන්‍ය කාලයක් ගබඩා කරලා තියන්න නම් පුළුවන්, ගුණයේ අඩුවක් නැතිව. අන්න ඒ කෝපි ඇට හොඳට රත් වුණාම, ඒ කියන්නේ අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් 200ට වගේ ලංවුණාම තමයි අපිට පුරුදු රස සුවඳ තියෙන කෝපි හැදෙන්නේ. ඒ වුණාට ඒ උණුසුම සීඝ්රයෙන් පහලට ගේන්නත් ඕනේ, නැත්නම් ඒ රස සුවඳ ඔක්කොම කරවෙලා යනවා. මේ වෙනකොට තෙතමනය නැතිවෙලා බර අඩුවුණු ඒ කෝපි ඇට දවස් කිහිපයක් විවේකීව තිබ්බට පස්සේ ඉතින් කෝපි හදන්න ගන්න පුළුවන්.
මේ විදියට රෝස්ට් කරන කෝපි බැදිලා තියෙන තරම අනුව, මට්ටම් තුනකට වෙන් කරන්න පුළුවන්. ඒ එක එක මට්ටම් සාමාන්‍යයෙන් පාට අනුව බෙදෙනවා. Light Roast නැත්නම් ලා දුඹුරු පාට කෝපි, Medium Roast නැත්නම් තරමක් දුඹුරු පැහැ කෝපි සහ තද දුඹුරු Dark Roast කියලා තමයි බෙදෙන්නේ. එයින් ලා පාට කෝපි වල මෘදු රහක් එක්ක, කෝපි ඇටයේ ගුණාංග බොහොමයක් පවතිනවා. තද පාට කෝපි වල ගැඹුරු කෝපි රහක් තියෙනවා. ඉතින් තම තමන් කැමති විදියේ රෝස්ට් රසකරලා තෝරාගන්න පුළුවන්. ඒ වුණාට, නිපුණයන් කියන විදියට නම් light roast වල කැෆේන් වැඩිපුර තියෙනවා.
ඔයත් ඊළඟට කොෆී ෂොප් එකකට යනකොට නමින් ඉල්ලලා වෙනස් රෝස්ට් ජාති try කරන්න. ඊටත් හොඳයි හැබැයි CBBS එකට ඇවිත්, Specialty Coffee Association පුහුණුව ලබපු ප්‍රවීණ දේශකයන්ගෙන් Certificate Course in Coffee Roasting ඉගෙනගත්තොත් ඉතින්. ඔයාගේ කැමැත්තක්!
——————————————-
Colombo Bartender & Barista School
#CBBS#CoffeeRoasting#SriLankaCoffee#sca#PerfectRoast#CoffeeCrafting

Leave a Reply